මැති ඇමතිවරු පනස් හය දෙනෙකු විසින් ඔවුන් පදිංචිව සිටින රජයේ නිවාස වෙනුවෙන් ගෙවිය යුතු ලක්ෂ තිස් හතක පමණ ගෙවල් කුලී ගෙවීම පැහැර හැර ඇති බව ජාතික විගණන කාර්යාලය වාර්තාවේ සදහන්.
ගෙවීමට තිබෙන මෙම හිග ගෙවල් කුලිය අතර, 2015 වසරේ සිට හිග වශයෙන් පවතින දහතුන් ලක්ෂ හැට දහසකට ආසන්න මුදලක් ද පවතින බව එහි දැක්වෙනවා.




