spot_img
spot_img

රු.බිලියන 2ක් ඉල්ලා අනුරගෙන් හකීම්ට එන්තර වාසියක්

තමන් විසින් 2019 මැයි මස 07 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සිදුකළ කතාව විකෘති කරමින් සමඟි ජන බලවේගයේ මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධව නීතීඥ මංජුල බාලසූරිය වෙතින් අනුර කුමාර දිසානායක මහතා හකීම් මන්ත්‍රීවරයා වෙත එන්තරවාසියක් යොමු කර තිබේ.

එම එන්තරවාසියේ සඳහන් වෙන්නේ 2024 අගෝස්තු 19 වැනි දින හෝ ඊට ආසන්න දිනක දී කාත්තන්කුඩි හි පිහිටි මැරයින් මහල් උත්සව ශාලාවේ පැවති රැස්වීමක දී රවුෆ් හකීම් මන්ත්‍රීවරයා විසින් අනුර කුමාර දිසානායක මහතා සිදු කළ කතාවක් බව පවසමින් දෙමළ භාෂාවෙන් අපහාසාත්මක, ව්‍යාජ, ද්වේෂසහගත ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.

ඒ අනුව සිය සේවාදායකයා වන අනුර කුමාර දිසානායක මහතාට මෙම ප්‍රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 2ක වන්දි මුදලක් දින 14ක් ඇතුළත ගෙවන ලෙස එමඟින් රවුෆ් හකීම් මහතා වෙත අදාළ එන්තරවාසියෙන් දැනුම් දී ඇත.

“අනුර කුමාර දිසානායක කියනවා සෑම මුස්ලිම් අම්මා කෙනෙකුගේම ගර්භාෂයෙන් ත්‍රස්තවාදීන් බිහිවෙනවා කියලා, ඔහු පාර්ලිමේන්තුවේ දී කිව්වා සෑම මුස්ලිම් අම්මාකෙනෙකුගේම ගර්භාෂයේ ත්‍රස්තවාදය වර්ධනය වෙනවා කියලා” යනුවෙන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවටයි එම එන්තර වාසියේ දක්වා ඇත්තේ.

සජබ මන්ත්‍රී රවුෆ් හකීම්ගේ එම ප්‍රකාශය ප්‍රසිද්ධ රූපවාහිනී නාලික ඔස්සේ මෙන්ම ෆේස්බුක් වට්ස් ඇප් ආදී සමාජ මාධ්‍ය ජාලා තුළින්ද ප්‍රචාරය වී ඇති බව නීතීඥ මංජුල බාලසූරිය එන්තරවාසියේ දක්වා තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...