spot_img
spot_img

ක්ලබ් වසන්ත ඝාතනයේ එක් වෙඩික්කරුවෙකු ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවකු වන 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ අද (23) දින දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන් ම අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගැනීම සහ වෙඩික්කරුවන් බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන ගිය පුද්ගලයා වන වයස අවුරුදු 29ක් වූ තාරුකාර වරුණ ඉන්දිකද සිල්වා නැමැත්තාද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ මෙහෙයවීම මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාර ජේශ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මේ සමග ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...