spot_img
spot_img

නව සංවර්ධන ව්‍යාපෘති අරඹන්න හයිය ලැබුණා

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාව ණය හිමි පාර්ශව සමඟ ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ රටේ ආර්ථික අර්බුදය අවසන් කර බංකොලොත් බවින් මිඳුණු බවට තහවුරු වූ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමි පාර්ශව එකඟකරවා ගැනීමට හැකියාව ලැබීම රට ලැබූ විශාලතම ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා කීය.

ඒ අනුව නැවතත් අවශ්‍යතාවය අනුව ජාත්‍යන්තරයෙන් ණය ලබාගන්න හැකියාව ලැබෙන බව කී අමාත්‍යවරයා මෙතෙක් අතරමඟ නතරව තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට මෙන්ම අලුතින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නත් අවස්ථාව ලැබෙන බව ද සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් ‍කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ අද (27) උඩුගම්පළ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...