spot_img
spot_img

කුණුවලට මුවාවී වරායේ කෝටි ගණනක වැලිවලට විදලා

කොළඹ වරායේ අදානි පර්යන්තයේ අබිලි ද්‍රව්‍ය ඉවත්කරන්නේ යැයි හඟවමින් එම පර්යන්ථයේ ගොඩගසා ඇති රජයට අයත් මුහුදු වැලි බලපත්‍ර නොමැතිව වංචනික ලෙස විකිණිමේ ජාවාරමක් හෙළිවී ඇති බවත් එම ජාවාරම්කරුවන් මාස අටකට අධික කාලයක් රුපියල් කෝටි 100 කට අධික වටිනාකමින් යුත් වැලි බාහිර පාර්ශවලට අළෙවි කරන්නට ඇතැයි අනුමාන කළ හැකි බවත් වරාය සේවකයෝ පවසති.

අදාල වැලි ජාවාරම පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ භූ විද්‍යා සමීක්‍ෂණ සහ පතල් කාර්යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විශේෂ කාර්ය බලකාය සහ භූ විද්‍යා සමීක්‍ෂණ ආයතනය එක්ව කළ වැටලීමකදී නීතිවිරෝධීව පිටකරමින් තිබූ වැලි ලොරියක් අත්අඩංගුවට ගත් බවත් සේවකයෝ කීහ.

අදානි පර්යන්තයේ ඉදිකිරීම් සඳහා ශ්‍රී ලංකා මුහුදු කලාපයට අයත් ප්‍රදේශවලින් මුහුදු වැලි ගෙන ආ අතර පර්යන්තය ඉදිකිරීමෙන් පසු ඉතිරි වූ මුහුදු වැලි දීර්ඝ කාලයක සිට වංචනික ලෙස වරායෙන් පිට කිරීම වරායේ ඉහළ නිලධාරියකුගේ ආශිර්වාදය ඇතිව කරගෙන යන බව කී සේවකයෝ අපද්‍රව්‍ය රැගෙනයන මුවාවෙන් මෙම වැලි වරායෙන් පිටතට ප්‍රවාහනය කරන බව ද සඳහන් කළහ.

වැලි පැටවූ ලොරි රථ විශාල සංඛ්‍යාවක් දිනකට මෙලෙස වරායෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර මෙය දීර්ඝ කාලයක සිට සංවිධානත්මකව වරාය අධිකාරියේ සේවයෙන් ඉවත්ව අදානි පරියන්තයේ ව්‍යාපෘති ඉංජිනේරුවකු ලෙස මේ වන විට කටයුතු කරන්නේ යැයි කියන පුද්ගලයකු වරාය අධිකාරියේ දැනට ප්‍රධාන නිලයක් දරණ නිලධාරියකුගේ ආශිර්වාදයෙන් මෙම ජාවාරම කරගෙන යන බවත් භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශයෙන් වැලි කියුබ් 5,000 කට මීට පෙර ගත් අනුමැතියක් පෙන්වමින් ජාවාරම ක්‍රියාත්මක කරන බවත් ඔවුහු කියති.

අපද්‍රව්‍ය ඉවත්කරන මුවාවෙන් දළ වශයෙන් වැලි කියුම් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් වරායෙන් පිටතට රැගෙන ගොස් ඇති අතර ඒවා කඩුවෙල සහ පෑලියගොඩ ප්‍රදේශවල පෞද්ගලික ඉඩම්වල ගොඩගසා ඇති බව කියන සේවකයෝ මෙම ජාවාරම හේතුවෙන් වරාය අධිකාරියට සහ රජයට අවම වශයෙන් රුපියල් කෝටිකට අධික පාඩුවක් වී ඇති බව ද සඳහන් කළහ.

මෙම වැලිවල ගැණුම්කරු සහ අදානි සමාගමේ ඉන්ජිනේරුවරයකුගේ සම්බන්ධිකරණයෙන් පර්යන්තයේ අපද්‍රව්‍ය ඉවත්කරන මුවාවෙන් කර ඇති මෙම ජාවාරමේදී අදානි සමාගමෙන් ද ලොරි ලෝඩ් එකක් ඉවත් කිරීම සඳහා රුපියල් 5,000 බැගින් අයකර ඇති බව කියන සේවකයෝ මේ පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසූහ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ අදානි පර්යන්ථයේ ගොඩගසා ඇති රජයට අයත් මුහුදු වැලි බලපත්‍ර නොමැතිව වරායෙන් පිටකරද්දී වැලි ලොරි සහ ඒවායේ සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...