Sunday, April 26, 2026
spot_img
spot_img

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ගැන ගැසට් නිවේදනයක්

සීමාවකින් තොරව, දෛනික වැටුප ලබාගත හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම් ආර්. පී. ඒ. විමලවීර මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුනා.

වතුකම්කරුවෙකුගේ දෛනික අවම මූලික වැටුප රුපියල් 1350 ක් වන අතර අමතරව නෙළන එක් තේ දළු කිලෝවක් සඳහාම රුපියල් 50 ක අමතර මුදලක් ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන්.

රබර් වතු සමාගම්වල සේවය කරන සේවකයින් ලබාගන්නා අමතර එක් රබර් කිලෝවක් සඳහා මෙම අමතර ගෙවීම කළ යුතු වෙනවා.

මෙම ගැසට් නිවේදනය අනුව වතු සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ගෙවීම සඳහා වන අවම සීමාවද රුපියල් 1350 දක්වා ඉහළ යෑමට නියමිත අතර මෙම වැටුප් ඉහළ යාම සැප්තැම්බර් මස 10 වැනිදා සිට බල පැවැත්වෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...