spot_img
spot_img

අටවන උගුල්වලට මේ පාර රැවටෙන්නේ නැහැ – සජිත්

රජය මේ මොහොතේ ප්‍රකාශයට පත්කර ඇති ජනතා සහන මේ වසරේ මුලදී හෝ ලබාදුන්නේ නම් ජනතාවට මීට වඩා ප්‍රතිලාභයක් අත්වීමට ඉඩ තිබූ බව, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සමගි ජන බලවේගය සංවිධාන කරන ජන රැලි මාලාවේ 51 වැනි ජන රැලිය ඊයේ මෙලෙස හබරාදුවේදී පැවැත්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා :

“ජනතාවට පටවන්න පුළුවන් බර ටික ඔක්කොම පටවලා. දැන් ජනාධිපතිවරයා තරගෙට නිවේදන නිකුත්කරනවා. බදු අඩු කරන්නම්, පඩි වැඩි කරන්නම්, සහන දෙන්නම් කියලා. මං අහන්න කැමතියි අඩුම තරමේ මේ වසරේ මුලදිවත් මේ සහන ටික ලබාදෙන්න තිබුණා.”

“අනුර කුමාර මහත්තයත් කියනවා ඇහුනා අපි ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක කරන්න සැරසෙනවලු. අපි කිසිදාක ප්‍රචණ්ඩ ක්‍රියා ක්‍රියාත්මක කරලා නැහැ. අනුර අටවන කිසිම උගුලකට මේ රටේ ජනතවා මෙදා පාර රැවටෙන්නේ නැහැ”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...