spot_img
spot_img

සා/ පෙළ ප්‍රතිඵල එන දිනය ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති දෙකක් ඇතුළත ප්‍රකාශ කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අද (14) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

එළබෙන 2025 වසරේ සිට කිසිඳු පසුවීමක් නොමැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා :

“ලබන වසරේ පාසල් වාරය ආරම්භ වෙනවා ජනවාරි 02වැනිදා. නමුත් තුන්වැනි වාරයේ සති දෙකක් පාසල් පවත්වන්න වෙනවා දිග ගණන ආවරණය කරන්න. 2025 ජනවාරි 20 පළමු පාසල් වාරයේ පළමු දිනය ආරම්භ වෙනවා. ඒ වනවිට නිල ඇඳුම්, පෙළපොත්, සියල්ල සූදානම් බවට සහතියක් ලබාදෙන්න පුළුවන්.

විභාග සියල්ලම කල් ගිහිල්ලා තිබුණා. මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගය හෙට පවත්වනවා. ඒ වගේම පහුවෙලා තිබූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊළඟ සති දෙක තුළ ලැබෙනවා. මාස ගණන්, අවුරුදු ගනන් කල්ගිය උසස්පෙළ විභාගය මේ අවුරුද්දේම නොවැම්බර් 25 තියන්න කාලසටහන් යවලා කටයුතු කරලා තිබෙනවා. 2025දී කිසිම පසුවීමක් නැතිව විභාග, වාරසටහන් සහ විභාග කාලසටහන එකට ක්‍රියාත්මක වෙනවා”.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...