spot_img
spot_img

පාර්ලිමේන්තු ආවට හැසිරෙන්න දන්නේ නැති දොස්තර අර්ච්චුනා

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පොලිසීය පැවසුවේ, යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව රෝහල් පාලන අධිකාරිය විසින් යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා යාපනය රෝහලට අවසරයකින් තොරව ඇතුළු වී රෝහල් කටයුතුවලට බාධා වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් එම පැමිණිල්ල ඉදිරිපත් වී ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් පවතින බව යාපනය පොලීසිය සඳහන් කළා.

මීට පෙර ද රාමනාදන් අර්ච්චුනා මහතා වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන සමයේ මන්නාරම රෝහලට ඇතුළු වී රෝහලේ කටයුතුවලට බාධා කළ බවට එම රෝහල් අධ්‍යක්ෂ විසින් මන්නාරම පොලීසිය වෙත පැමිණිලි කර තිබූ බව වාර්තා වේ.

අදාළ අවස්ථාවේ අර්ච්චුනා මහතා අත්අඩංගුවට ගෙන මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර තිබූ බව සඳහන්ය.

මන්නාරම රෝහල තුළ ගර්භණී කාන්තාවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවති විමර්ශනයට අදාළ අවස්ථාවේ අර්ච්චුනා මහතා මන්නාරම රෝහල වෙත ඇතුළු වී බාධා කළ බව වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...