spot_img
spot_img

රාජපක්ෂ නඩයේ දූෂිතයන්ට යලි ඇමරිකාවට ඇතුළුවීම තහනම්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට අමෙරිකානු රජයෙන් සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයේ සහ මානව හිමිකම් දිනයට සමගාමීව ලොව පුරා දූෂණය සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා සිය කැපවීම අවධාරණය කරමින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ අනුව කපිල චන්ද්‍රසේන යන අයට ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අධික මිලට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සහතික කිරීම සඳහා අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධ දූෂිත වැඩපිළිවෙළක් මෙහෙයවූ බවට උදයංග වීරතුංග යන අයට චෝදනා එල්ලවී ඇත.

ඒ අනුව අදාල ශ්‍රී ලාංකිකයන්ට, අමෙරිකාවට ඇතුල් වීමට නුසුදුසු බව ප්‍රකාශයට පත්කරමින් වාර්ෂික රාජ්‍ය විසර්ජන දෙපාර්තමේන්තු පනතේ 7031(c) වගන්තිය යටතේ මෙම නම් කිරීම සිදුකර ඇති බව වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...