අස්වැසුම ප්රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්රතිලාභ මුදල් අද (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය සදහන් කළා.
අස්වැසුම ප්රතිලාභ ලාභීන් 1,707,311 කට රුපියල් කෝටි 1100 කට අධික මුදලක් (11,024,310,500) ගිණුම් ගත කරන බවත් ප්රතිලාභ ලාභීන්ට ගිණුමෙන් මුදල් ලබාගත හැකි බවත් එම මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කරනවා.




