spot_img
spot_img

වසරකට 22000 මිනිසුන් බිල්ලට ගෙන බදු සහන ද ලැබූ සිලෝන් ටුබැකෝ සමාගමේ කොටස් ගැනීම වර්ජනය කරමු

ශ්‍රී ලංකාවේ සිගරට් වෙළෙඳපොළ ඒකාධිකාරිය හිමි, සිලෝන් ටුබැකෝ සමාගම, 2026 වසරේ පළමු අතුරු ලාභාංශය ලෙස කොටසකට රුපියල් 34.00ක මුදලක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ලාභාංශය 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා ලබා දෙන්නකි. කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහිත මෙම සමාගම, බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ අනුබද්ධිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ.

පසුගිය වසරේ අයවැයෙන් ලබාදුන් සහනය හේතුවෙන් රු. කෝටි 1730 කට වැඩි අයථා ලාභයක් උපයා ගන්නා ලද දුම්කොළ සමාගම, මෙම ලාභාංශය ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ආයෝජකයින් සඳහා 2026 ජූනි 10 වැනි දින ගෙවීම් සිදු කරන බව දන්වා ඇත.. මෙහි XD දිනය ලෙස 2026 මැයි 21 දිනත්, ලේඛනගත කිරීමේ දිනය ලෙස 2026 මැයි 22 දිනත් නම් කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම දැවැන්ත ලාභය සහ සමාගමේ ව්‍යාපාරික ආකෘතිය සම්බන්ධයෙන් විරෝධයක් සහ කතිකාවතක් ගොඩනැගීය යුතුව තිබේ. දුම්කොළ භාවිතය මිනිස් ජීවිතවලට අහිතකර බලපෑම් එල්ල කරන බව පෙන්වා දෙන අතරම, මිනිස් ජිවිත බිල්ලට ගන්නා මෙම මිනීමරු සමාගමේ කොටස් හී ආයෝජනය කිරීම වර්ජනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිය යුතුය.. ලාභ අරමුණු කරගනිමින් මිනිස් ජීවිත අනතුරේ හෙළන සමාගම්වල ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳව මෙවැනි වගකීම් සහගත හඬවල් සමාජගත වීම විශේෂත්වයකි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...