දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.
ඒ, ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් ය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, එළැඹෙන සෙනසුරාදා සවස 03 ට මැතිවරණ කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.
මේ අතර, නාම යෝජනා භාර දීමෙන් අනතුරුව දේශපාලන පක්ෂ ලේකම්වරු සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.




