spot_img
spot_img

පැරිස් ඔලිම්පික් උළෙලේ තවත් වැරැද්දක්

ජාතික ගීයක් වැරදි ලෙස ප්‍රචාරය වීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් සංවිධායකයින් විසින් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිරිමි පැසිපන්දු තරගාවලියේ දකුණු සුඩානය සහභාගි වු තරගය ආරම්භයට පෙර දකුණු සුඩානයේ ජාතික ගීය වෙනුවට සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය වි ඇති බවයි.

එහි රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ගේ ඝෝෂාවත් සමග සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය නවත්වා යළි දකුණු සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර, පසුගිය 27 වැනිදා පැරිසියේ පැවති ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී දකුණු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් උතුරු කොරියානු ලෙස වරදවා හැඳින්වීම සම්බන්ධයෙන් ඔලිම්පික් කමිටු සංවිධායකයින් දැඩි ලෙස කණගාටුවට පත්වන බවද නිවේදනය කළා.

දකුණු කොරියානු ධජය අතැති ක්‍රීඩක පිරිස රැගත් යාත්‍රාව සේන් නදියේ ගමන් කරමින් සිටියදී, ප්‍රංශ සහ ඉංග්‍රීසි නිවේදකයන් ඔවුන්ව “කොරියා ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජන රජය” ලෙස හඳුන්වා දී තිබුණා.

අනතුරුව උතුරු කොරියානු ක්‍රීඩකයින් යාත්‍රා කරන විට එම නාමයම නිවැරදිව නිවේදනය කර තිබුණා.

කෙසේවෙතත්, රූපවාහිනී විකාශනයේ දී උපසිරැසි නිවැරදිව සටහන් වී තිබූ අතර, දකුණු කොරියාව, නියම ලෙස හැඳින්වෙන්නේ කොරියානු ජන රජය ලෙසටයි.

දකුණු කොරියානු ක්‍රීඩා අමාත්‍යාංශය මෙම අපහසුතාවය සම්බන්ධයෙන් රාජ්‍ය මට්ටමින් ප්‍රංශයට පැමිණිල්ලක් සිදු කිරීමට සැළසුම් කර ඇති බවටද නිවේදනය කර තිබෙනවා.

දකුණු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 143 දෙනෙකු ඉසව් 21 ක් යටතේ මෙවර ඔලිම්පික් උළෙලට ක්‍රීඩා කරනවා.

උතුරු කොරියාවෙන් මෙවර ඔලිම්පික් තරගාවලියට සහභාගි වන්නේ ක්‍රීඩකයින් 16 දෙනෙකු පමණයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...