සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (28) පැවැති පන්දුවාර 20 දෙවැනි තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.
ඒ කඩුළු 07කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.
වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය ආරම්භ කිරීම පමා වූ අතර, තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඉන්දියාව පළමුවෙන් රැකීම තෝරාගත් නිසා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 161ක් රැස් කිරීමට සමත් වුණා.
ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී යාමෙන්.
ඒ අනුව, පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිස්සංක ලකුණු 32ක්ද, කුසල් පෙරේරා ලකුණු 54ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 10ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 26ක්ද, රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී Ravi Bishnoi කඩුළු 03ක්ද, Hardik Pandya, Arshdeep Singh සහ Axar Patel කඩුළු 02 බැගින්ද, දවා ගත්තා.
අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දු තුනක් ක්‍රීඩා කරමින් සිටි අවස්ථාවේදී පිටියට ඇඳහැළුනු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නවත්වා දැමුණා.
යළිත් ආරම්භ වූ තරගය ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 06යි පන්දු 03කදී ලකුණු 81ක් ලබා ගනිමින් දෙවැනි තරගයේ ජය වාර්තා කරමින් තරග තුනකින් සමන්විත සමස්ත පන්දුවාර 20 තරගාවලියේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ාියම සමත් වුණා.
පන්දුවට පහරදීමේදී Yashasvi Jaiswal ලකුණු 30ක්ද, නායක Suryakumar Yadav ලකුණු 26ක්ද, Hardik Pandya නොදැවී ලකුණු 22ක්ද රැස් කර ගත්තා
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේමහේෂ් තීක්ෂණ, වනිඳු හසරංග සහ මතීෂ පතිරණ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.
තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය එළඹෙන 30 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 07.00ට පැවැත්වීමට නියමිතයි.




