spot_img
spot_img

‘ගෑස් සිල්න්ඩරය’ ලකුණෙ කිසිඳු නීතිමය ප්‍රශ්නයක් නෑ

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලකුණ ලෙස ඉදිරිපත් කර ඇති ‘ගෑස් සිල්න්ඩරය’ ලකුණ පිළිබඳව මැතිවරණ කොමිසමට කිසිඳු ගැටලුවක් මතුවී නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. රත්නායක මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ, ජනාධිපතිවරණය වෙනුවෙන් පළ කළ ගැසට් පත්‍රයේ කොටස් දෙකක් ඇති අතර පළමු කොටසේ පිළිගත් දේශපාලන පක්‍ෂවල ලකුණු ද, දෙවැනි කොටසේ අනිකුත් අයට ලබාගත හැකි ලකුණු සඳහන්ව ඇති බවයි.

වෙනත් දේශපාලන පක්‍ෂ සහ ස්වාධීන අපේක්‍ෂකයන්ට දෙවැනි කොටසේ ඕනෑම ලකුණක් ගතහැකි බවයි ඔහු සඳහන් කළේ.

වෙනත් ගැසට් පත්‍රයකින් නිකුත් කළ පළාත් පාලන ඡන්ද විමසීමේ ඡන්ද ලකුණුවල ද ‘ගෑස් සිලින්ඩරය’ තිබීම මෙහිදී ගැටලුවක් බවට පත්කරගෙන ඇති බවත් මෙම ඡන්ද දෙක ගැසට් පත්‍ර දෙකකින් ප්‍රසිද්ධ කර ඇති බැවින් කිසිඳු නීතිමය ගැටලුවක් ඒ සම්බන්ධයෙන් නොමැති බවත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...