‘CrowdStrike’ මෘදුකාංගය යාවත්කාලීන කිරීම නිසා ‘Microsoft Windows’ මෙහෙයුම් පද්ධතියේ ඇති වූ දෝෂය හේතුවෙන් ලංකාවේ පෞද්ගලික ආයතන 4ක මෙහෙයුම් පද්ධතිවලට ද බලපෑම් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
මේ සම්බන්දයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉන්ජිනේරු චරුක දමුණුපොළ මේ බව සඳහන් කළා.
තොරතුරු ඉන්ජිනේරුවරයා සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල පද්ධතිවලට මෙම දෝෂය මතු වූයේ ද ?යන්න සොයා බැලීම සඳහා වාර්තාවක් කැඳවා ඇති බව ය.
දැනට පවතින තොරතුරු අනුව රාජ්‍ය ආයතනවල මෙම තාක්ෂණික දෝෂය මතු වී නොමැති බව ඔහු වැඩිදුරට ත් සඳහන් ය.
‘Microsoft Windows’ මෙහෙයුම් පද්ධතියේ දෝෂයක් මතු වීම හේතුවෙන් ලොව පුරා ගුවන් සමාගම්, මාධ්‍ය ආයතන සහ බැංකු කටයුතුවලට බලපෑම් සිදු වී තිබේ.




