spot_img
spot_img

පොහොට්ටු අපේක්ෂකයා ගැන නාමල්ගෙන් ඉඟියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට නිල වශයෙන් ලිඛිතව පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු සඳහන් කළේ, සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන්නේ රටේ ණයත් ගෙවීමට හැකි දේශීය සම්පත් විකුණන්නේ නැති අයකු බවයි.

අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් කිහිප දෙනෙක් පක්ෂය සමග සාකච්ඡා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...