spot_img
spot_img

උප දුම්රිය ස්ථානාධිපතිවරුත් වර්ජනයට එක්වෙයි

දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සහයෝගය දක්වමින් උප දුම්රිය ස්ථානාධිපති සංගමය ද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති ඒ. අයි. පී. සඳරුවන් මහතා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වැඩවර්ජනයට සහභාගි වෙනවා. ශ්‍රී ලංකාව පුරා උප දුම්රිය ස්ථාන 172 ක් ඇති අතර උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වර්ජනයට එකතු වීමත් සමඟ සමස්ත දුම්රිය ධාවනය තව දුරටත් අඩපණ ව පවතිනවා.

උප දුම්රිය ස්ථානාධිපතිවරුත් වර්ජනයට මෙලෙස එක්ව ඇත්තේ අද දහවල් 12ට අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බවට අවසන් නිවේදනයක් නිකුත්කර ඇති පසුබිමකයි.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරු සහ නියාමකයන් ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 100 කට ආසන්න සංඛ්‍යාවෙන් දුම්රිය 23 ක් පමණක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුර ගමන් වාර 14 ක් කොළඹට ද, කොළඹ සිට දුම්රිය 9 ක් ලෙස එම ගමන්වාර 23 ක්‍රියාත්මක කළ බවත් දිනකට දුම්රිය ගමන් වාර 295 ක් පමණ ක්‍රියාත්මක වන බවත් එම දෙපාර්තමේන්තුව පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...