spot_img
spot_img

වාහන ආනයනය ගැන අලුත්ම තීරණය

රටට ගැටලුවක් ඇති නොවන සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද (10) පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

එමෙන්ම ඔහු පවසා සිටියේ වාහන ආනයනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම්දී ඇති බවයි.

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කථා කරලා දැනුම්දීලා තියෙනවා අපි අගොස්තු මාසයෙන් පස්සේ යම් අනු පිළිවෙළකට… පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, අනෙකුත් ප්‍රවාහන සේවාවන්ට භාවිත කරන විකල්ප ඉන්පස්සේ සාමාන්‍ය වාහන, ඊට පස්සේ සුඛෝපබෝගී වාහන වැඩපිළිවෙළක් හදනවා කියලා. ඒ නිසා මේ කමිටුව ජුලි මාසේ 04 වනදා රැස්වුණා. ඒ කමිටුව මාසයක් ඇතුළත ඒ කියන්නේ අගෝස්තු මාසයේ දෙවන සතිය වෙනකොට ඔවුන්ගේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා යම් සුවිශේෂි අනුපිළිවෙක් කොහොමද අපි වාහන ආනයනය ආරම්භ කරන්නේ මේ රටට ප්‍රශ්නයක් ඇති නොවී.”

“අපි පැහැදිලිව කියලා තියෙනවා තුන්වෙනි කාර්තුව ආරම්භ කරලා පොදු ප්‍රවාහන සේවා, ප්‍රවාහන සේවා, මේ වෙනකොට භාවිතා කරන විකල්ප, සාමාන්‍ය වාහන ඉන් එහාට යනවා කියලා. හැබැයි එය ඉතාමත් පිළිවෙළකට මේ වාහන ආනයනය කිරීම සාමන්‍ය ජනතාවට තියෙනවා වගේම මේ තුළින් තවත් ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ඉතාම ගැලපෙන ක්‍රමවේදයක් තුළ මේක විවෘත කරන්න අපි බලාපොරෝතතු වෙනවා.” යනුවෙන්ද ඒ මහතා සදහන් කලා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...