spot_img
spot_img

අරුන් සිද්ධාර්ත්ට UNP එකේ සංවිධායක තනතුරක්

යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලියේ නායකයා බවට තමාව හඳුන්වාදුන්  අරුලානන්දම් අරුන් නොහොත් අරුන් සිද්ධාර්ථ් එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්‍ත්‍රික් සංවිධායක ලෙස පත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක විසින් එම පත් කිරීම සිදු කර තිබුණා.

එම පත්වීම පිරිනැමීමේ උත්සවය ඊයේ (21) යාපනය චෙල්වම් උත්සව ශාලාවේදී පැවැත්වුණා.

රට වැටී ඇති අගාධයෙන් ගොඩ දැමීම සඳහා අවශ්‍ය සහයෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත  තම සහයෝගය ලබා දෙන බව එහි දී අරුන් සිද්ධාර්ථ් පවසා තිබෙනවා.

අරුන් සිද්ධාර්ථ් 2020 වසරේ පැවැති මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරඟ කරනු ලැබූ අතර ඔහු මේ වෙන විට ‘යාපනය සිවිල් සමාජය’ ලෙස ඔවුන් විසින් හඳුන්වා ගනු ලබන කණ්ඩායමක නායකයා ලෙස කටයුතු කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...