ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා :
“මැතිවරණය ජයග්රහණය කරගෙන යන වැඩපිළිවෙළ දැන් අපේ අතේ තියෙන්නේ. සුබ ආරංචිය අපි ජයග්රහණය කරනවා. අපේක්ෂකයා දැම්මම තේරෙයි කොච්චර බලගතු කෙනෙක් ද කියලා. අපි හැමදාම ඉදිරිපත් කළේ පොදු අපේක්ෂකයෙක්. ඊළඟට එන්නේ අපේ ආණ්ඩුවක්. ජනාධිපති අපිත් එක්ක යන්න ලෑස්ති නම් අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා.”




