spot_img
spot_img

රජයට කෝටි 20ක බදු පොල්ලක්

කර්මාන්ත දහතුනකට අදාළ කර්මාන්ත කර්මාන්තකරුවන් එකසිය හත් දෙනෙකු පසුගිය වසරේදී රුපියල් කෝටි විස්සකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

මේ අතර සූරියවැව අක්කර විස්සක ඉඩමක කර්මාන්ත පුරයක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැය කිරීම නාස්ති වී ඇතැයිද එම වාර්තාවේ සදහන්.

හම්බන්තොට බට අත කර්මාන්ත පුරයේ අක්කර 60 කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පවතින බව පවසන වාර්තාව දිවයින පුරා කර්මාන්ත පුර 17 කට අදාල ඉඩම් අක්කර 109 කට වැඩි ප්‍රමාණයක් කර්මාන්තකරුවන්ට වෙන් නොකිරීම හේතුවෙන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පැවතුණ බවද එහි සදහන්.

බුත්තල කර්මාන්ත පුරයේ ඉඩම් කට්ටි කට්ටිය 43 ක් වෙන් කර තිබුණද ඉඩම් කට්ටි 38 ක් පමණක් කර්මාන්තකරුවන් විසිදෙනකුට ලබාදී තිබූ බවත් ඉන් නිෂ්පාදන කටයුතු කරන්නේ කර්මාන්තකරුවන් පස්දෙනකු පමණක් බවත් වාර්තාවේ දැක්වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...