spot_img
spot_img

TikTok තහනම් කරන්න ඇමරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය

ටික්ටොක් තහනම් කිරීම සඳහා ,මඟ පෑදෙන පනත් කෙටුම්පත සඳහා අමෙරිකානු සෙනෙට් මණ්ඩලය සිය අනුමැතිය ලබාදී තිබෙනවා.

ටික්ටොක් හිමිකරු වන බයිට්ඩාන්ස් සමාගමට ඒ අනුව එම මෙවලමේ තමන් සතු කොටස් විකිණීමට මාස 9ක කාලයක් ලබාදී ඇති අතර එම කාලය තුළ කොටස් විකිණීම සිදුනොකළහොත් ටික්ටොක් අමෙරිකාව තුළ තහනම් කිරීමට නියමිතයි.

මෙම පනත් කෙටුම්පත නුදුරේදීම අනුමැතිය සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහු පවසා ඇත්තේ තමාට එය ලැබුණු විගස ඊට සිය අත්සන තබා එය නීතියක් බවට පත්කරන බවයි.

එය එසේ සිදුකළහොත් ටික්ටොක් කොටස් විකිණීම සඳහා බයිට්ඩාන්ස් සමාගමට චීන බලධාරීන්ගේ අනුමැතිය ලබාගත යුතු වෙනවා.

ඔවුන් පවසන්නේ මෙය කොටස් විකිණීමට බලහත්කාරය පෑමක් ලෙසයි.

ඒ අනුව, ඊට කිසිසේත් එකඟ නොවන බවට චීනය පවසා තිබෙනවා.

ටික්ටොක් තහනම සඳහා සෙනෙට් මණ්ඩලයේ 79 දෙනෙක් පක්ෂව ඇති අතර විරුද්ධ වී ඇත්තේ 18  දෙනෙකු පමණක් ඊට විරුද්ධව ඇති බවයි වාර්තා වෙන්නේ.

ටික්ටොක් භාවිත කරන්නන් මිලියන 170ක් අමෙරිකාවේ සිටින අතර එය තහනම් කළහොත් ඔවුන්ගේ නිදහස් භාෂණයට ඇති අයිතියට බලපෑම් ඇතිවන බවත් එමඟින් ව්‍යාපාර මිලියන 7කට බලපෑම් ඇතිවිය හැකි බවත් බයිට්ඩාන්ස් සමාගම පවසනවා.

එසේම ටික්ටොක් මගින් වාර්ෂිකව අමෙරිකානු ආර්ථිකයට බිලියන 24ක දායකත්වයක් ලබාදෙන බවද සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...