spot_img
spot_img

ඉරාන ජනපති දිවයිනට

ඉරාන ජනාධිපති  ඊබ්‍රාහිම් රයිසි මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර මත්තල ගුවන් තොටුපළ වෙත ළඟා වී තිබුණා.

ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

මේ අතර, ඉරාන ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද පස්වරුවේදී කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ද්වීපාර්ශ්වික ගිවිසුම් පහකට අත්සන් තැබීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා විශේෂ ප්‍රකාශයක් ද සිදුකිරීමට සැළසුම් කර ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...