spot_img
spot_img

බදියුදීන්ගේ ව්‍යාපෘති නවත්තලා

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දිස්ත්‍රික්ක 6 ක ආරම්භ කර ඇති රුපියල් මිලියන 200 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති කීපයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාර්ගෝපදේශ මත නවතා දමා තිබෙනවා.

මන්නාරම, වවුනියාව, මුලතිව්, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර අනුමැතිය ලබාගෙන තිබුණා.

ඉතා ඉක්මනින් සංවර්ධනය විය යුතු බවට අදාළ දිස්ත්‍රික්කවල ජනතාව, ග්‍රාම සංවර්ධන සමිති, සුබසාධන සංගම් සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධානවල ඉල්ලීම් මත පදනම්ව ව්‍යපෘති ආරම්භ කළ බව ඒ පිළිබඳ අදහස් දක්වමින් බදියුදීන් මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් පසුගිය බ්‍රහස්පතින්දා දින අදාළ දිස්ත්‍රික්ක හයේ ලේකම්වරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී එස්.ඒ.පී. කුමාරි මහත්මිය මාර්ගෝපදේශ සපයා ඇත්තේ අදාළ ව්‍යපෘති අත් හිටුවන ලෙසත් ඒ සඳහා වෙන්කළ ප්‍රතිපාදන වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකරන ලෙස‍යි.

එලෙස මාර්ගෝපදේශ නිකුත් කරමින් යොමුකළ ගණකාධිකාරී එස්.ඒ.පී. කුමාරි මහත්මියගේ අත්සනින් යුත් ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලැබීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දීමට ගත් තීරණය හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කළේදැයි සැකයක් පවතින බවයි.

එමෙන්ම ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව ඇතැම් පුද්ගලයන් සහ නිලධාරීන් සදාචාර විරෝධීව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයි තමන් විශ්වාස කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදී ඇති මාර්ගෝපදේශයන් අවලංගු කරමින් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් වනවා.

සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඉඩ ලබා නොදුනහොත් අකැමැත්තෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවට මේ සම්බන්ධව පැමිණිලි කිරීමට සිදුවන බවත් අදාළ දිස්ත්‍රික්කවල ලේකම්වරුන්ට ලබාදී ඇති මාර්ගෝපදේශ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවට තමන් විශ්වාස කරන බවත් බදියුදීන් මහතා ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වෙනවා.

(ලංකාදීප)

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...