spot_img
spot_img

පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිකරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්

පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කිරීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලු‍දෙනා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කොළඹ අගරදගුරු නිවසේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් ඇතුළු කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා මුණගැසී ආශිර්වාද ලබාගත් අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය අනාවරණය කිරීම සම්බන්ධයෙන් තමාට පැහැදිලි වැඩපිළිවෙළක් ඇති බවත්, එය පාර්ලිමේන්තුවේදී පවා සභාගත කර ඇති බවත් ඔහු පැවසුවා.

මෙරට කතෝලික ප්‍රජාව ප්‍රමුඛ සමස්ත ජනතාවගේ අපේක්ෂාව වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ විනිවිදභාවයෙන් සිදු වූවාද?, එහි සත්‍ය හෙළිකර ගත්තාද යන්න බවත් නිසා ඒ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් පරීක්ෂණ සිදුකර කාදිනල් හිමි ප්‍රමුඛ කතෝලික සභාව දැනුවත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එබැවින් පාස්කු ප්‍රහාරයේ සුලමුළ සහ සත්‍ය සොයන වැඩසටහන කිසිදු භේදයකින් තොරව ක්‍රියාත්මක කරන බවත්, එම සත්‍ය කෙසේ හෝ සොයා බලා ඊට සම්බන්ධ වූ සියලු‍දෙනාට උපරිම දඬුවම් ලබාදෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කාදිනල් හිමි ඇතුළු රදගුරුතුමන්ලාට පොරොන්දු වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...