spot_img
spot_img

ප්‍රසංග තහනමෙන් පිරිසක් අසරණ වෙලා

ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට මැතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

මේ සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරුන් සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා පැවසුවේ මේ තීරණය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල කල් තියා සූදානම් කර තිබූ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් නතර කිරීමට සිදුවූ බවයි.

ප්‍රසංග සහ සැණකෙළි මැතිවරණ කාලයේදී නැවැත්වීමෙන් ඒවා සංවිධාන කරන පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ජීවත් වන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව පැවසූ ආතාවුද මහතා මැතිවරණයක් පැවැත්වෙන්නේ යැයි පවසමින් ජන ජීවිතයේ අනෙකුත් කටයුතුවලට බාධා කිරීම නොකළ යුතු බවද පෙන්වා දුන්නේය.

මේ ප්‍රශ්නය පිළිබඳව වහාම මැදිහත්වී සොයා බලන අපේක්ෂකයකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ සංගමයේ මාධ්‍ය ලේකම් සිදේෂ් රංගන විජේවීර මහතා පැවසුවේ තම කණ්ඩායම රට පුරා ප්‍රසංග සහ සැණකෙළි සංවිධාන කරන්නේ රජයට ලක්ෂ ගණනින් විනෝද බදු ගෙවමින් බව ප්‍රකාශ කළේය.

තමන් රටට බරක් නැති රජයෙන් කිසිම දීමනාවක් නොලබන පිරිසකැයි පැවසූ විජේවීර මහතා ප්‍රසංගවලින් අයකෙරෙන දැරිය නොහැකි විනෝද බදු අඩු කිරීමටද රජය අවධානය යොමු කළ යුතු බව ප්‍රකාශ කළේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සංගමයේ අනුශාසකවරුන් වන සරත් කුමාර ලියනගේ සහ එස්.ඩබ්ලිව් පතිරණ යන මහත්වරුද අදහස් දැක්වුහ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...