spot_img
spot_img

UNPයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ආරාධනා කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10ක දේශපාලන පක්ෂ 18ක නියෝජිතයන් මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සදහා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ ප්‍රධානී සුමුදු කැකුළන්දල මහතා සහභාගී වී තිබෙනවා.

ද හින්දු පුවත්පත සඳහන් කරන්නේ, විදේශීය දේශපාලන පක්ෂ සහ නියෝජිතයින්ට ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය හෙවත් ඉන්දීය මහ මැතිවරණය පසුගිය අප්‍රේල් 09 අරම්භ වු අතර, එය ලබන ජුනි 01 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව, එරට ලෝක් සභාවට නියෝජිතයින් තොරා ගැනිමේ මැතිවරණ ක්‍රියාදාමය නිරීක්ෂණයට සහ ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට විදෙස් රටවල දේශපාලන පක්ෂ හා නියෝජිතයින්ට මෙලෙස ඇරියුම් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...