spot_img
spot_img

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂයින්ට දැනුම් දීමක්

ලබන 6 වනදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා (04) විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තුමේන්තුව දැනුම් දෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින හැදුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් විභාග අපේක්ෂකයන් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලය අනිද්දා දිනයේ දී විවෘතව තැබෙන බවයි.

එසේම ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල ද එදින පෙරවරු 8.30 සිට පස්වරු 01.00 දක්වා විවෘතව තැබෙන බවපුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තවදුරටත් පවසනවා.

දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන්ද අදාළ ලිපිය බාගත කළ හැකියි.

ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා මෙතෙක් අයදුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද නිසි ලෙස සම්පුර්ණ කළ ඉල්ලුම්පත් රැගෙන ආ යුතු වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...