spot_img
spot_img

අවුරුද්දට මත්පැන් මිල පහළ යන ලකුණු?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සහ නිෂ්පාදන සමාගම් අතර පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇත්තේ  මත්පැන් නිෂ්පාදන වියදම් අඩු කර ගල් අරක්කු බෝතලයක මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙසයි.

කෙසේවෙතත්, සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ගල් අරක්කු බෝතලයක මිල අඩු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලා තිබෙනවා.

මේ අතර, එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මහතා  අදහස් පළ කර තිබුණා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පසුගියදා පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ භාණ්ඩ මිල මෙන්ම මත්පැන් මිලද අඩුවිය යුතු අතර එළඹෙන අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහළ දැමීම සඳහා උත්සාහ කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...