Thursday, June 4, 2026
spot_img
spot_img

නාරම්මල මංකොල්ලයට ආ පුද්ගලයින්ට පොලීසියෙන් වෙඩි – අයෙක් මරුට

නාරම්මල ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මුදල් මංකොල්ලයක් සඳහා පැමිණි පුද්ගලයින් තිදෙනෙකුගෙන් අයෙකු මෙලෙස වෙඩි වැදීමෙන් මිය ගොස් ඇති බවයි.

මංකොල්ලකරුවන් පිරිස ඇපල් වර්ගයේ ජංගම දුරකථන අලෙවිකරණ බවට පුවත්පත් දැන්වීම් පළ කර එලෙස ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ මුදල් කොල්ලකෑමට උත්සාහ දරා ඇති බව පොලීසිය සඳහන් කළා.

අදාළ දැන්වීමට අනුව ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා රුවන්වැල්ල ප්‍රදේශයේ පිරිසක් පැමිණ ඇති අතර, ඔවුන්ට ඇති වූ සැකය මත ඒ පිළිබඳව පොලීසියට දන්වා පොලිස් නිලධාරීන් සමග ඔවුන් හමුවීමට ගොස් තිබෙනවා.

නාරම්මල ප්‍රදේශයේ ස්ථානයකට පැමිණෙන ලෙස කොල්ලකරුවන් පිරිස ඔවුන්ට දන්වා ඇති අතර එම ස්ථානයට පැමිණීමත් සමග කොල්ලකරුවන් ඔවුන්ගේ මෝටර් රථයට තියුණු ආයුධවලින් පහරදී තිබුණා.

පොලීසිය පැවසුවේ එහිදී පොලිස් නිලධාරීන් සමග ඇති වූ පොරබැඳීමක් අතරතුර පොලිස් නිලධාරීන් කොල්ලකරුවන් පිරිසට වෙඩි තබා ඇති බවයි.

එහිදී කොල්ලකරුවන් දෙදෙනෙකු පළා ගොස් ඇති අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එක් කොල්ලකරුවෙකු රෝහල්ගත කිරීමේදී මිය ගොස් තිබෙනවා.

එමෙන්ම කොල්ලකරුවන් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි දෙදෙනා තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...