spot_img
spot_img

මහින්දගේ විධායකය අද රැස්වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27දා) පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.

පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වීමට නියමිත විධායක සභා රැස්වීමේදී දේශපාලන වශයෙන් ඉතා වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

විධායක සභා රැස්වීමේදී විශේෂිත කරුණු වශයෙන් ඉදිරි මැතිවරණ හා එහි සංවිධාන කටයුතු පිළිබඳවත් පක්ෂයේ මැයි දින රැලිය සංවිධාන කටයුතු පිළිබඳවත් සාකච්ඡා කෙරෙනු ඇති.

එම ආරංචි මාර්ග සඳහන් කළේ එමෙන්ම විශේෂයෙන් පක්ෂයේ විනය කමිටුව ඇතුළු තවත් කමිටු කිහිපයක් පත්කර ගැනීමත්, පක්ෂයේ පුරප්පාඩුව පවතින තනතුරු සඳහා සුදුස්සන් පත්කර ගැනීමත් සිදුවීමට නියමිත බවයි.

විධායක සභාව කැඳවීමට පෙර දැනට දින ගණනාවක සිට පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් පක්ෂයේ මන්ත්‍රිවරු, ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් බහුජන සංවිධාන ආදිය පක්ෂ මූලස්ථානයට කැඳවා සාකච්ජා කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...