spot_img
spot_img

පැපුවා නිව් ගිනියාවේ බිහිසුණු නායයෑමක්

පැපුවා නිව් ගිනියාවේ දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, ඊයේ (23) සිදු වූ මෙම නායයෑමෙන් නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇති බවයි.

මෙහිදී සිදු වී ඇති ජීවිත හානි ගණන හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිරවී ඇතිද යන්න නිශ්චිතවම තවමත් ප්‍රකාශ කළ නොහැකි බව වාර්තා වනවා

මෙම නායයෑම සිදු වූ Enga නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා මාධ්‍යයට පවසා ඇත්තේ, මෙය මීට පෙර සිදුනොවූ ස්වභාවික ව්‍යවසනයක් බවයි.

එමෙන්ම පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය James Marape පවසා ඇත්තේ, මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය සහන සේවා සැපයීමට සහ යටිතල පහසුකම් සඳහා අදාළ ස්ථානයට ආපදා නිලධාරීන් යොමු කර ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...