spot_img
spot_img

රනිල් රට ගියේ ලෝකයේ අවධානය ගන්න – සමන් රත්නප්‍රිය

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝකයට යන්නේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමට සහ ලෝකයේ අවධානය ලංකාවට ගෙන ඒමට බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය ප්‍රකාශ කරනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, පසුගියදා ගොඩගම පැවති එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුහ්ටු සම්බන්ධයෙන් රැස්වීමක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකාව පැහැදිලිව ප්‍රකාශ කළා ලංකාව ඇති කර තිබෙන ආර්ථික වෙනස්කම් ස්ථාවර ආර්ථික වේගයකට මඟ පාදනවා කියලා. ඒ කියන්නේ අපේ රට ආර්ථික වශයෙන් වැටී හුස්ම ගන්න වෙලාවේ කළ ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක වෙනවයි කියන එකයි. නමුත් ලංකාවේ සමහර දේශපාලන පක්ෂ නායකයන් එය පිළිගන්න කැමති නෑ. වෘත්තීය සමිති පිළිගන්න කැමති නෑ. සමහර විද්වතුන් එය පිළිගන්න කැමැත්තක් දක්වන්නේ නෑ. නමුත් අතිබහුතරය ජාත්‍යන්තරව සහ ජාතිකව එය පිළිගැනීමට ලක් කරනවා.

අපි දැක්කා පසුගිය සතියේ උදයංග වීරතුංග මහතා කියනවා, ජනාධිපතිවරණයක් එන්නේ නෑ මහ මැතිවරණයක් තමයි එන්නේ කියලා. ඒ වගේම ඩිලාන් පෙරේරා මහතාත් කියනවා, මහ මැතිවරණයක් තමයි ඉස්සරහට එන්නේ කියලා. තවත් සමහර දේශපාලනඥයන් කියන්න පටන්ගෙන තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ වෙන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. මේ දේවල් එක පැත්තකින් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් ප්‍රකාශ කරනවා. සමහර වෙලාවට සටකපටකමට ප්‍රකාශ කරනවා.

මේ රටේ පවතින ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර පවත්වන්න අවශ්‍යයි. අවශ්‍ය නම් ඊට කලින් පවත්වන්නත් පුළුවන්. පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පවත්වන්නටත් හැකියාව තිබෙනවා. මේ රටම සූදානම් වෙන්නේ ජනාධිපතිවරණයකට කියන එක අපි දන්නවා. ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පවත්වනවායි කියලා පැහැදිලිව ප්‍රකාශ කළා. රට අමාරු වෙලාවේ ගොඩගන්න ඉදිරිපත් වූ නායකයා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා. විවිධ අය සිහිනවල හිටියට ඒ සිහින යථාර්ථයක් වෙන්නේ නෑ කියන එක දැන් තේරී තිබෙනවා.

ජනාධිපතිවරයා දින කිහිපයක සංචාරයකට ඉන්දුනීසියාව බලා පිටත් වුණා. ඔහු ඉන්දුනීසියාවට ගියේ ලෝක ජල සමුළුව අමතන්න. මේ රටේ විපක්ෂය මන්ත්‍රීවරයෙක් කියනවා අපි දැක්කා, රනිල් වික්‍රමසිංහ නැවත විදේශගත වෙලා තිබෙනවා, ඉන්දුනීසියාවට ගිහිල්ලා තිබෙනවා, එයා ආතල් ගන්න ගියේ, වැඩි කාලයක් ඔය ආතල් ගන්න වෙන්නේ නෑ කියලා. මේ මන්ත්‍රීවරුන් සමහර වෙලාවට හුස්ම ගන්නෙත් රනිල් වික්‍රමසිංහ නිසයි කියන එක අමතක වෙලා තිබෙනවා”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...