Friday, June 5, 2026
spot_img
spot_img

කුසල් සහ අසිත ශ්‍රී ලංකා සංචිතය සමඟ එක්වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතය සමඟ ඊයේ (23) එක්ව තිබෙනවා.

වීසා ගැටලුවක් හේතුවෙන් මොවුන්ට අමෙරිකාව බලා යෑමට නොහැකිවූ අතර, පසුව එය නිරාකරණය කරගැනීමත් සමග මෙලෙස ඊයේ සංචිතයට එක්ව තිබුණා.

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව, ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මැයි මස 14 වනදා දිවයිනෙන් පිටත්ව ගියා.

පන්දුවාර 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 01 වනදා සිට 29 වනදා දක්වා අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිතයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...