Friday, June 5, 2026
spot_img
spot_img

වැට් බදු අඩු කිරීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, අද වනවිට රට ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව සියලුදෙනා පිළිගත්ත ද එසේ නොපෙන්වා ඇතැමුන් විවේචන එල්ල කරන බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“ ව්‍යාපාරික ආයතන සඳහා පරාටේ නීතිය අත්හිටුවීමට අප පියවර ගත්තා. ඇත්ත වශයෙන්ම අපට තිබුණේ බැංකු ක්‍රමය ශක්තිමත් කරන්නයි. එසේ නොකළහොත් බැංකු ක්‍රමය කඩා වැටෙනවා. කොහොම වුණත් පරාටේ නීතිය තාවකාලිකව ඉවත් කර මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂා කළා.  මේ සතියේ අපට විදුලි බිලට සහනයක් ලබා දෙන්න පුළුවන් වුණා.

ඒ වගේම ඉදිරියේදී පොත්, පාසැල් උපකරණ, සෞඛ්‍ය උපකරණ, බේත් හේත් වැනි අංග වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී වැට් බදු ප්‍රතිශතය තවත් අඩු කිරීමටත් අපට හැකියාව ලැබෙනවා.

අපි දවසින් දවස, ඉතා අසීරුවෙන් නමුත්  ආර්ථිකය ශක්තිමත් කරනවා. ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න ජනතාවට තව තවත් පහසුකම් ලබා දීමට ක්‍රියා කරනවා. මේ සියල්ල කරන්නේ සැලසුමකට අනුවයි. ආර්ථිකයට බරක් වන ආකාරයේ සහන ලබා දීමෙන් නැවත අපායකට රට ඇද දමන්න අපට බැහැ. ඒ නිසා අප සියල්ල සිදු කරන්නේ ක්‍රමානුකූලවයි. විද්‍යාත්මක සැලසුමකට අනුවයි.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...