ලක් අම්මට අමාරුයි කියමින් කඳුළු සැලූ “ඩුබ්ලිකේට් විහාර මහා දේවිය” රුපියල් ලක්ෂ තිහක් වංචා කිරීමේ සිද්ධියෙන් ඔවුන්ගේ ඇත්ත හෙළිදරව් වන බව පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද(06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
එම ඩුබ්ලිකේට් විහාර මහා දේවිය සමගි ජන බලවේගයටත් ඇතුල් වී තිබෙන බව කී මන්ත්‍රීවරයා මෙවැනි අය ඇතුළත් කර ගැනීමෙන් එම පක්ෂයටමොනවා වෙනවාද නොදන්නා බව පවසා සිටියා.
රෝහිත අබේගුණවර්ධන මහතා තවදුරටත් පැවසුවේ,
“මැතිවරණයක් හරි ඉලක්ක කරගෙන ජනතාවට සහන දෙනවා නම් හොඳ දෙයක්.අපේ රටේ මැතිවරණ හතරක් තිබෙනවා. අවුරුදු හතරකට මේ මැතිවරණ හතර ආවාම හොඳයිනේ.ජනතාවට හැමදාම සහන ලැබෙනවනේ.විදුලි බිල සියයට විසි එකකින් අඩුවීම අප කාටත් දැනෙනවා. රුපියල් හාරසියට ඉහළ යාවි යැයි සිතූ ඩොලරය දැන් 308 ක් දක්වා පහත බැස තිබෙනවා




