Friday, June 5, 2026
spot_img
spot_img

ගෝඨා එලවපු විදිය ගැන ගෝඨාම පොතක් ලියලා

“ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කෘතියක් රචනා කර තිබෙනවා.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ 2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් කර ඇති බවයි.

“මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ජනාධිපතිවරයෙකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවකගේ සහභාගීත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයි” යනුවෙන් එහි පසු කවරයේ සඳහන් වනවා.

හෙට (06) දිනයේ නිල වශයෙන් එළිදැක්වීමට නියමිත මෙම කෘතිය සිංහල සහ ඉංග්‍රිසි යන භාෂා ද්විත්වයෙන්ම ලබා ගැනිමේ හැකියාව පවතිනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...