spot_img
spot_img

රාජ්‍ය සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්

කොවිඩ් නයින්ටීන් වසංගත සමය තුළ විදේශගතව සිට පැවති තත්ත්වය හමුවේ නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විදෙස්ගතව සිට නියමිත දිනයට නැවත සේවයට වාර්තා කිරීමට අපොහොසත්ව සිටි රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය මෙම චක්‍රලේඛය මඟින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.

ආයතන සංග්‍රහයට අනුව විදේශ නිවාඩු ලබා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නියමිත දින හෝ ඊට පෙර සේවයට වාර්තා කිරීමට නොහැකි වු රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත සහ වැටුප් සහිත නිවාඩු අනුමත කිරීම සඳහා අනුගමනය කළ යුතු විධිවිධාන ඇතුළත් කර අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව, මෙතෙක් විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකර සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා සේවය හැරයාමේ නිවේදන නිකුත් කරන ලෙසද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...