spot_img
spot_img

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධානී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (මැයි 8) සවස අත්අඩංගුවට ගත්තේ ය.

වෛද්‍යවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම්දීමකට අනුව ඔහු ඊයේ පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ ය.

දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසු ඊයේ සවස ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් සම්බන්ධයෙන් රහස් පොලිසිය ඒ මහතාගෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තා විය.

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක්ම ඒ මහතාට එරෙහිව විවිධ චෝදනා නැගූ අතර පසුව ඔහු එම තනතුරින් පහකරනු ලැබීය.

ඒ, මෙම එන්නත් කුප්පි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමෙන් පසු ඊට අදාළ තොරතුරු විනාශ කළ බවටද වෘත්තීය සමිති මගින් ඔහුට එල්ල කළ චෝදනා අතර විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...