spot_img
spot_img

ජන අරගලයට පහර දී අවුරුදු දෙකයි

ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද (09) ට වසර දෙකක්.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධාන වී සිටි අරගලකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ලවුණා.

මෙම ප්‍රහාරය එල්ලවිමත් සමග රට පුරා නොසන්සුන් වූ පිරිස් එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් නොසන්සුන් අයුරින් කටයුතු කිරීම හේතුවෙන් මුළු රටම එකම යුද පිටියක් බවට පත්වුණා.

මුළු රටම භීතියෙන් මුසපත් කළ ඒ අඳුරු හේරා කිහිපයේදී සංවිධානාත්මක පිරිස් මහමග ගමන් ගත් බස්රථ, පොදු හා පෞද්ගලික දේපළ විනාශ කරමින් සිදුකළ හානිය තුළින් රටට විශාල කළු පැල්ලමක් එක් කළා.

මෙම ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා ඇතුළු කිහිපදෙනකු ඝාතනයට ලක්වූ අතර පුද්ගලික නිවාස ඇතුළු දේපළ 855කට බරපතළ හානි සිදුවුණා.

ඉන් නිවාස 62ක් එවකට පැවැති රජයේ මැති ඇමැතිවරුන්ට අයත් ඒවාය. ඊට අමතරව ප්‍රාදේශීය දේශපාලනඥයන්ට අයත් දේපළ රැසක් ද විනාශ විය.

එවකට රටේ පැවැති ගෑස්, තෙල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා ලබාගැනීමේ දිගු පෝලිම්, විදුලි කප්පාදුව වැනි සිද්ධි මත පැනනැඟුණු දැඩි මහජන පීඩාව හේතුවෙන් මතුවූ අරගලය අවසන් වූයේ පැවැති පාලනය ද අවසන් කරමින්.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...