ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් භාවයට පත්වීමට මූලික වූ හේතු සහ එම පසුබිමේ පැවති පරිපාලනමය දුර්වලතා පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.
අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, රට ‘Hard Default’ හෙවත් දරුණු මූල්‍ය බිඳවැටීමකට ලක්වීම හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කොන් වී යාමේ දැඩි අවදානමක් මතුව තිබූ බවයි. පසුගිය කාලයේ රට මුහුණ දුන් අර්බුදකාරී තත්ත්වයට ආර්ථික කළමනාකරණයේ පැවති බරපතළ අඩුපාඩු හා පරිපාලනමය තීරණ සෘජුවම බලපෑ ආකාරය පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කළේය.
රටක ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා විනිවිදභාවයෙන් යුත් ප්‍රතිපත්ති සහ නිවැරදි මූල්‍ය කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.




