රට තුළ ක්‍රියාත්මක වන දැඩි පාතාල සහ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් හමුවේ, ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් යම් තීරණයක් ගැනීමට පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක් මැඩගස්කරයේදී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මේ බව හෙළි කළේය.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, රජය විසින් අඛණ්ඩව සිදුකරනු ලබන අපරාධ මර්දන ක්‍රියාමාර්ග නිසා දැඩි පීඩනයකට ලක්ව සිටින පාතාල නායකයන් ජනාධිපතිවරයා වෙත මෙවැනි තර්ජනයක් එල්ල කිරීමට උත්සාහ කරන බවයි.
ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින මෙම අතිශය භයානක සහ සංවේදී තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමු විය යුතු බව දේශපාලන විචාරකයන් සහ මාධ්‍යවේදීන් පෙන්වා දෙයි.




