spot_img
spot_img

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද උදෑසන 8.30 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 152ක වර්ෂාවක් ලැබී ඇත්තේ කිරිඳිවැල ප්‍රදේශයටය.

එම කාලසීමාව තුළ වරකාපොළ ප්‍රදේශයට මිලිමීටර් 138.5ක වර්ෂාපතනයක්, වතුපිටිවල ප්‍රදේශයට මිලිමීටර් 122.5ක වර්ෂාපතනයක්, අවිස්සාවේල්ල ප්‍රදේශයට මිලිමීටර් 98.5ක වර්ෂාපතනයක්, රත්නපුර ප්‍රදේශයට මිලිමීටර් 96.2ක් වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේවන විට අයහපත් කළගුණය හේතුවෙන් පුද්ගල මරණ 09ක් වාර්තා වි තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...