spot_img
spot_img

විපතට පත් ජනතාව මුදාගන්න යුද හමුදාවෙන් කණ්ඩායම් 7ක්

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ සිදුවිය හැකි ආපදා තත්වයන් සඳහා හෙලිකොප්ටර් යානා 3 ක් සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය ප්‍රකාශ කළේ, ආපදා තත්වයන් හමුවේ මුදා ගැනීමේ භට පිරිස් ද ලැබෙන ඉල්ලීම්වලට අනුව යොමු කරන බවයි.

එමෙන්ම, අධික වැසි හේතුවෙන් බස්නාහිර සහ දකුණු පළාත්වලට නාවික හමුදා කණ්ඩායම් 5 බැගින් සහ බෝට්ටු 10 ක්ද යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසුරිය ප්‍රකාශ කළා.

එමෙන්ම අයගම, දෙහිඕවිට, කිරි ඇල්ල, මොරවක, තවලම සහ තිහගොඩ යන ප්‍රදේශ වලට කණ්ඩායම් සහ බෝට්ටු තුන බැගින් යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාරද සඳහන් කළා.

මේ අතර යුධ හමුදාවේ සහන කණ්ඩායම් 07 ක් සහන බෝට්ටු 08 ක් සමග යොදවා ඇති බව යුද හමුදාව නිවේදනය කරනවා.

ඒ කිරි ඇල්ල, දෙහිඕවිට, ගලතුරු ඔය, මොරවක, තිහගොඩ, තවලම සහ නෙළුව යන ප්‍රදේශ වලට සහන සැලසීම සඳහායි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...