spot_img
spot_img

ඉන්දියාවේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා ආගමික අන්තවාදියෝ නෙමෙයි- කමල් ගුණරත්න

ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස ආගමික අන්තවාදීන් නොවන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“මේ කාරණය සම්බන්ධයෙන් අපේ බුද්ධි අංශ අවධානයෙන් ඉන්නවා. ඉන්දියාවට ගිය පුද්ගලයන් හතර දෙනා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන අතර, ඔවුන්ගේ සගයන් පිළිබඳවද පරීක්ෂණ සිදුකෙරෙමින් පවතිනවා… ඉදිරියට යන පරීක්ෂණයක් ගැන මට අදහස් දැක්විය නොහැක. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සිව්දෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස ආගමික අන්තවාදීන් නොවේ. එහෙම කිසිම සම්බන්ධයක් නැහැ….

ආරක්ෂක ලේකම්වරයා ලෙස මට ජනතාවට සහතිකයක් දෙන්න පුළුවන් අපි අපේ ජාතික ආරක්‍ෂාව ගැන අවදියෙන් ඉන්නවා කියලා. පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි සිද්ධීන් නැවත ඇති වන්නේ නැහැ…

කෙසේ වෙතත් ඔහු කියා සිටියේ, ඉන්දියාවෙන් ලැබුණු බුද්ධි තොරතුරු මත පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...