spot_img
spot_img

කාලගුණයෙන් රතු නිවේදනයක් – මි.මී 200 ඉක්මවූ තද වැසි

තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

අද (26) පෙ.ව. 04.30ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වේ.

ඒ අනුව උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරනවා.

පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවේ.

මේ අතර ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර, ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 191ක් වේ.

අම්පාර මහඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 149.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර දමන ප්‍රදේශයෙන් මිලීමීටර් 147ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

උතුරු, උතුරුමැද , මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය නොවැම්බර් මස 25 දින රාත්‍රී 11:30 පමණ වනවිට මඩකලපුව සිට කි.මී. 290ක් සහ ත්‍රිකුණාමලයට කී.මී. 410ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබුණි.

එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...