spot_img
spot_img

සිරිපාල රනිල්ගේ දෙකෙනුත් එකක් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ නිදහස් පක්ෂය අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිළිබඳ උණුසුම් සාකච්ඡා – දේශපාලන අර්බුදයක් ඇතිවීමේ අවදානමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙතින් ඔවුන් සතු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් ඉල්ලා සිටින බව වාර්තා වනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ පසුගිය දින පැවති රැස්වීමකදී මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි. එහිදී ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමඟ සන්ධානගතව මැතිවරණයට තරග කිරීම හේතුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවය මතුව ඇති බවයි.

වර්තමානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් රවී කරුණානායක මහතා වෙත හිමිව තිබීම හේතුවෙන් මෙම තත්ත්වය සංකීර්ණ වී තිබේ.

මේ අතර නිදහස් පක්ෂයෙන් කැඩී ආ අනෙත් පාර්ශවය නියෝජනය කරනා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හෙළි කළේ මහ මැතිවරණයට පෙර සමගි ජන සන්ධානය සමඟ අත්සන් තැබූ ගිවිසුම අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට පොරොන්දු වී තිබූ නමුත්, සමගි ජන බලවේගය එම පොරොන්දුව ඉටු නොකරමින් සිටින බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...