සමගි ජන බලවේග කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් විසින් තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන්නැයි ඉල්ලා විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ලිපියක් යොමුකර තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද 45,151 ක් ලබා සිව්වෙනි ස්ථානයට පත් තමා පාර්ලිමේන්තුවට තේරී පත් නොවූවද තමා ලබාගත් මනාප ප්‍රමාණය පිළිබඳ සලකා බලා මන්ත්‍රී ධුරයක් ලබාදෙන ලෙසද සදහන් කර ඇති බවටයි වාර්තා වනේ.
පළාත් සභා මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිඛිත පොරොන්දුවක් මෙන්ම ඕනෑම කොන්දේසියකට එකඟ වන බවද එම ලිපියේ සදහන් කර තිබෙනවා.




